අවුරුදු සද්දේ අංකුඹුර විදුහලටත් ........

                     2014 වර්ෂයේ සිංහල හා හින්දු අවුරුද්ද නිමිති කොට ගෙන 2014/ 04/ 07  වන දින අංකඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ බක්මහ උළෙළක් විදුහල්පති ස්වාමින් වහන්සේ ඇතඑ ගුරැ මණ්ඩලයේ උපදේශකත්වයෙන් ඉතා සාර්ථකව උත්සවය පැවැතිණි.සම්ප්‍රදායික ඇදුම් පැළදුම් වලින් සැරසී සියඑ සිසු දරැ දැරියන් තරඟවලට ඉතාම උද්යෝගයෙන් සහභාගී විය

          වර්තමානයේ සමාජයෙන්  දිනෙන් දින අභාවයට යන හෙළ නැකත් චාරිත රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය. ඒ සදහාම විශේෂණය වූ ආදර්ශ නැකැත් පතක්ද සැකසිණි.  පෙ.ව.8.30 ට පුණ්‍යකාලයත්, පෙ.ව.8.45ට නැකත් පත කියවීමත්,පෙ.ව.8.55ට අවුරුදු උදාවත් ,පෙ.ව.9.10ට ලිප ගිනි මෙළවීමත්,පෙ.ව.9.25ට පොල්තෙල් පහන දැල්වීමත් ,පෙ.ව.9.31ට වැඩ ඇල්ලීමත් පෙ.ව. 9.40ට ආහාරඅනුභවහ හා වැඩිහිටි නමස්කාරයත්, ඉන්පසු අවුරැදු උත්සවය ඇරඹීමත් වේ .  

         අවුරුදු ක්‍රිඩා ලෙස ජනගායනා තරඟ ,විවිධ ඇදුම් තරග,ලිස්සන ගස නැගීම,කණා මුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම, අවුරුදු කුමාර,කුමරිය තේරීම වැනි පාරම් පරික ක්‍රිඩා රැසක් පැවැත්වුණි. අවුරුදු උත්සවයේ අවසාන අංගය වූයේ ත්‍යාගය බෙදා දීමයි.ත්‍යාග ප්‍රදානයෙන් අනතුරුව   විදුහල්පති ස්වාමින් වහන්සේගේ අනුශාසක කථාවෙන් උත්සව සභාව නිමා විය.

අවුරුදු උත්සවයේ ඡායා රූප